බංගලාදේශය සමඟ මේ දිනවල පැවැත්වෙන දෙවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා මැදපෙළ ප‍්‍රතිකරු දිනේෂ් චන්දිමාල් තීරණය කර තිබෙනවා.
ඔහුගේ පවුලේ හදිසි වෛද්‍ය තත්ත්වයක් මත ඔහු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ඔහු වහාම යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
මේ හේතුවෙන් ඔහුට දෙවැනි ටෙස්ට් තරඟයේ සිව්වන දිනය වන අද දිනය සහ අවසන් දිනය වන හෙට දිනය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇත.

