Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජංගම දුරකථන මිල සීඝ්‍රයෙන් පහළට

3 years ago

ඩොලරයේ පහළ යාම හේතුවෙන් දුරකථන මිල ගණන් පහළ ගොස් ඇති බව ජංගම දුරකතන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා පවසනවා.

ඒ මහතා පැවසුවේ එමගින් උත්සව සමයේ දී අඩු මිලට ජංගම දුරකතන‍යක් මිලදී ගැනීම සඳහා ජනතාවට අවස්ථාව උදා වන බවයි.

ඒ මහතා දැක් වූ අදහස් පහතින්,

“උදාහරණයක් විදිහට අපිට ගන්න පුලුවන් මිල අධිකම ජංගම දුරකතනය වන iPhone 15 Pro Max එක කළින් පැවති මිල 515,000ක් විතර ගිය ෆෝන් එක වර්තමාන වෙළඳපොළේ 375000ක විතර මිලකට අපේ පාරිභෝගිකයින්ට ලබා ගන්න පුලුවන්. මේක ඇත්තටම මහඟු අවස්ථාවක්.

ඩොලරය වැඩි වීමට පෙර රුපියල් 2000ට 3000ට තිබ්බ ෆෝන් එක ඩොලරය වැඩි වීමත් සමඟ 10000 පැනලායන්න ගත්තා. දැන් 7000 බැස්සා. ජංගම දුරකතනය අත්‍යවශ්‍ය කාරනයක් වෙලා තියෙනවා. ඩොලර් මිල අඩු වීමත් සමග අපි සංගමයක් විදිහට මිල පහල දැම්මා. අලුතින් ජංගම දුරකත්න සදහා වැට් එකක් දැම්මා. ජංගම දුරකතන ආනයනයේදී 18%ක් විතර වැට් එකක් වදිනවා. ඉතින් ඒ හින්දා තමයි මේ මට්ටමේ නැවතිලා දැන් තියෙන්නේ.ඒක නැත්නම් තව මිල අඩුවෙන්න තිබුනා මේ මිල අඩු වීම සමග අමතර උපාංග වල මිලත් අඩුවෙනවා. උත්සව සමයේ අඩු මුදලට ජංගම දුරකථනයක් ගන්න පුලුවන්. අලුත් වෙන උපකරණයක් වන ජංගම දුරකතන ගෙන්වීමේදී TRC කටයුතු නිසා අලුත් දේවල් ලංකාවට පැමිනීමේ පරක්කුවක් තියෙනවා අපි ඔවුන් සමග සාකච්චාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා.”