Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියලුම එළවළු වර්ගවල මිල වාර්තාගත ලෙස පහළට

3 years ago

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල වසර 10කට පසුව අඩුම අගය වාර්තා කර තිබෙනවා.

දෛනිකව ලැබෙන එළවළු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් මෙය සිදුව තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රුපියල් 40ත් 50ත් අතර මුදලකට අලෙවි වන අතර බණ්ඩක්කා කිලෝවක් රුපියල් 50ක්, ගෝවා සහ ලීක්ස් කිලෝවක් රුපියල් 100ක්, කැරට් කිලෝවක් රුපියල් 200ක් සහ කැකිරි, පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 15ක් දක්වා අඩු වී තිබෙනවා.

නමුත් ගොවීන් මැසිවිලි නඟන්නේ පවතින තත්ත්වය මත සිය එළවලු අලෙවි කර ගැනීම දැඩි ගැටළුවක්ව ඇති බවටයි.

පෑළියගොඩ එළවළු(තොග) මිල පහතින්.
රාබු රුපියල් 30
බෝංචි රුපියල් 60
මෑකරල් රුපියල් 50
නෝකොල් රුපියල් 50
කැකිරි රුපියල් 20
කැරට් රුපියල් 150
ලික්ස් රුපියල් 240
ගෝවා රුපියල් 180
වම්බටු රුපියල් 100
අමු මිරිස් රුපියල් 180
වැටකොළු රුපියල් 120
දෙහි රුපියල් 350