Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවුරුද්දට බාර් වැසෙන දින පිළිබඳව දැනුම්දීමක්! එක් දිස්ත්‍රික්කයක බාර් දින 6කට වැසෙයි!

3 years ago

අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටා ඇති මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

බක් පුරපසළොස්ව පොහෝය දිනය යෙදෙන 23 වනදා ද මත්පැන්හල් වසා තැබෙනු ඇති.

මේ අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.

එමෙන්ම දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල මත්පැන්හල් මැයි මස 22, 23 සහ 24 යන තෙදින තුළ වසා තැබීමට නියමිතයි.