රථවාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් 2025 වසරේ සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ආර්ථිකය යහපත් දිශාවට ගමන් කරමින් තිබීම හේතුවෙන් ලබන වසර වන විට එම අවසරය ලබා දීමට හැකි වනු ඇති බවයි ඔහු පවසන්නේ.
රාජ්‍ය වැවිලි සංස්ථාවේ දෙමටගොඩ අලෙවිසල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

