වෙළඳපොළේ පවතින දේශීය බිත්තර මිල සීඝ්රයෙන් ඉහළ නගිමින් පවතින බව වාර්තා වනවා.
ඒ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට දින කිහිපයක් ඉතිරිව පවතින පසුබිමකයි.
දේශීය බිත්තරයක තොග මිල මේ වන විට රුපියල් 50කට ආසන්න මිලක පවතින අතර එහි සිල්ලර මිල රුපියල් 55කට ආසන්නව පවතින බවයි වෙළඳුන් පවසන්නේ.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අලිවිස් කියා සිටියේ අතරමැදියන් විසින් මිල ඉහළ දැමීම සිදු කරන බවයි.

