එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය සහ රාමසාන් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ.
ඒ අනුව හාල්මැස්සන්, බී ලූණූ, පාන් පිටි සහ සුදු කැකුළු සහල් මිල අඩු කර ඇත.
ඒ අනුව ඉහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (11) දින සිට ලබා ගත හැකියි.


