Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනතාව ගසා කෑම ඇරඹෙයි! එළවළු මිල අහස උසට නගී!

3 years ago

මේ වන විට වෙළඳපොලේ එළවළු මිල හිටිහැටියේම ඉහළ නංවා ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් පවසනවා.

ඔහු චෝදනා කරන්නේ එළවළු මිල කෘතීමව ඉහළ දමා ඇති බවයි.

ඒ අනුව බෝංචි ,ලීක්ස්,ගෝවා ඇතුලු එළවළු කිහිපයක මිල කැපී පෙනෙන ලෙස ඉහළ දමා තිබෙනවා.

අද දිනයේ සටහන් වූ එළවළු වර්ග කිහිපයක මිල ගණන් පහතින් දැක්වේ.
කැරට් 450
ලූනු කොල රු 500
ලීක්ස් රු 350
බෝංචි රු 430
තක්කාලි රු 300
වම්බටු රු 400

එසේ ම කුකුළු මස් සිල්ලර මිලද රු. 1400 දක්වා ඉහළ නංවා ඇති බව ඔහු කියා සිටියා. හරක් මස් මිලද රුපියල් 2400ක් ලෙස සටහන් වෙනවා.