Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යුව්රාජ් සිං හා කිරන් පොලාර්ඩ් අතරට පිවිසි නේපාල පිතිකරුවා

3 years ago

යුව්රාජ් සිං, කිරන් පොලාර්ඩ්ගෙන් පසුව ජාත්‍යන්තර T20 ක්‍රිකට් පිටියේ පිට පිට පන්දු 6 කදී හයේ පහරවල් 6 ක් වාර්තා කල ලොව තුන්වන පිතිකරුවා බවට පත්වීමට නේපාලයේ
දිපේන්ද්‍ර සිං ඊයේ සමත්විය.

ඒ ACC පිරිමි T20 ප්‍රිමියර් කුසලානයේ කටාරයට එරෙහිව පැවැති තරගයේ දී යි.

24 හැවිරිදි දිපේන්ද්‍ර සිං අයිරි එම තරගයේ කටාර් කණ්ඩායම යොමු කළ අවසන් පන්දු වාරයේ දී කම්රාන් ඛාන්ට එරෙහිව එම භයේ පහර හය එල්ල කළා.

ඒ වන විට පන්දු 15ක දී ලකුණු 28 ක් රැස් කරගෙන සිටි දිපේන්ද්‍ර සිං අයිරී එම පන්දුවාරය නිමා වන විට පන්දු 21 ක දී ලකුණු 64ක් තම කණ්ඩායම වෙනුවෙන් රැස් කළා.

ජාත්‍යන්තර තරගයකදී මෙම දස්ක්ම මින් පෙර දැක්වීමට සමත්ව තිබුණේ යුව්රාජ් සිං, කිරන් පොලාර්ඩ් විසින් පමණි.