ක්‍රිකට් පිටියේ ලොව ජනප්‍රියම තරගාවලිය වන IPL තරගාවලියේ RCB කණ්ඩායම සහ SRH කණ්ඩායම අතර ඊයේ පැවති සුපිරි ක්‍රිකට් තරගය වෙත ලෝකයේම අවධානය යොමුවිය.
ඊයේ පැවති තරගයෙන් RCB කණ්ඩායම පරදා ලකුණු 25ක ජයක් හිමිකර ගැනීමට SRH කණ්ඩායම සමත්විය.
SRH කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 287ක් ලබා ගැනීමට සමත් විය.
එය IPL ලිතිහාසයේ කණ්ඩායමක් ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
එය මීට සති තුනකට පෙර SRH කණ්ඩායම විසින්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 03ක් දැවී ලකුණු 277ක් ලබා පිහිට වූ වාර්තාව අලුත් කිරීමකි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ RCB කණ්ඩායමට කඩුලු 07ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 262ක් පමණි.
ඒ අනුව සමස්ත තරගයේ දී ලකුණු 549ක් වාර්තා වූ අතර එය පන්දුවාර විස්ස තරගයක දී කණ්ඩායම් දෙකක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වෙයි.
එම තරගයේදී SRH කණ්ඩායම හයේ පහර 22ක් එල්ල කළ අතර එය IPL තරගයක ඉනිමකදී එල්ලකළ වැඩිම හයේ පහර සංඛ්‍යාව විය.
තරගය පුරා හයේ පහර 38ක් එල්ල වූ අතර එය ද ඕනෑම පන්දුවාර විස්සයි විස්ස තරගයක වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව ද විය.


