Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඓතිහාසික ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දැවැන්ත මුදල් ත්‍යාගයක්! ජනපතිගෙන් චමරිට සුබ පැතුමක්!

3 years ago

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

එහිදී නායිකා චමරි අතපත්තු විශේෂ ඇගයීමකට ලක්කිරීමට නියමිත බවත් සඳහන්.

මෙහිදී එම කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන්ට එම මුදල් ලැබෙන ආකාරයට මුදල් ත්‍යාගය පිරිනමන බවත් ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙක් මේ වන විට විදේශගතව සිටීම නිසා මුදල් ත්‍යාගයේ වටිනාකම තවම ස්ථිර කර නොමැති බවත් සඳහන්.

මේ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු හට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් එක්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ ලද විශිෂ්ට ජයග්‍රහණය සමග ජනාධිපතිවරයා පෞද්ගලිකව චමරි අතපත්තු වෙත සුබපැතුම් එක්කළ බවය.