Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිවස සිහින දකින්නන්ට සැනසුම් සුසුමක්! ඉදිකිරීම් ක්ෂ්‍රේත්‍රයේ භාණ්ඩ මිල පාලනයට වෙළඳ අමාත්‍යාංශයෙන් අලුත් වැඩක්!

3 years ago

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ ඉදිකිරීම් භාණ්ඩ නොයෙක් මිල ගණන් යටතේ විකිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

ඉදිකිරීම් භාණ්ඩවල අධික මිල හේතුවෙන් ඉදිකිරීම් කටයුතු 90% ක් පමණ අඩාළ වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

එමෙන්ම ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුක්තව සිටි 20,000කට වැඩි පිරිසක් මේ වන විට විදේශගතව ඇති බවද සඳහන්.