Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්! මෙවැනි ආයතනවල මුදල් තැන්පතු කළහොත් ඔබගේ මුදල් අහිමිවීමේ අවදානමක්!

3 years ago

පිරමීඩ ක්‍රමයට නීතිවිරෝධීව ජනතාවගේ මුදල් තැන්පත් ලබා ගත් ආයතන දාහතක් මේ වන විට හඳුනාගෙන ලැයිස්තුගත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

පසුගිය කාලයේ විවිධාකාරයෙන් ක්‍රියාත්මක වූ පිරමීඩ ජාවාරම් පාලනය කිරීමට කටයුතු කල බවත්, එහෙත් ඕනෑම අවස්ථාවක එවැනි ජාවාරම් යළි මතුවීමේ අවදානමක් පවතී.

මෙවැනි ජාවාරම් හෝ මීට අදාළව තමන්ට සිදුවී ඇති අකටයුතුකම් පිළිබඳව මහ බැංකුවේ ‘‘බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව’’ ට පැමිණිලි කිරීමට මහ බැංකුව මහජනතාවට අවස්ථාව සලසා දී තිබෙනවා.

එම නිසා එවැනි තොරතුරක් ලැබුණ සැණින් ඒ පිළිබඳව දැනුම්දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දෙයි.