දෙහි කිලෝවක මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඇතැම් ප්‍රදේශවල දෙහි කිලෝවක මිල රුපියල් 1200ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (21 වැනිදා) දිනයේදී දෙහි කිලෝවක් අලෙවි කෙරුණේ රුපියල් 1000ත් 1200ත් අතර මිලකටය.
පසුගිය දිනවලදී දෙහි කිලෝවක මිල රුපියල් 100 කටත් වඩා අඩු මිලක් දක්වා පහත වැටී තිබූ අතර ඉතා කෙටි කලක් තුළ දෙහි මිල මෙලෙස ඉහළ යාම කැපී පෙනෙන සිදුවීමකි.
පවතින වියළි කාලගුණික තත්වයත් සමග දෙහි සඳහා ඉල්ලුම යාමද මිල වැඩිවීම කෙරෙහි බලපා ඇත.

