Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

milk powder price in Sri Lanka

කිරිපිටි මිල අඩු කිරීම පිළිබඳව මතභේදාත්මක තත්ත්වයක්! ආනයනකරුවන් දෙකට බෙදෙයි!

3 years ago

ආනයනික කිරිපිටි මිල යළිත් අඩු කිරීම සම්බන්ධයෙන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර පවසයි.

ඔහු සඳහන් කළේ කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිල මට්ටමෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.

පසුගිය මාසයේදී ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 60කින් සහ කිලෝග්‍රෑම් එක රුපියල් 150කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් පියවර ගනු ලැබීය.

කෙසේවෙතත් නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කරන ආයතනයක් විසින් අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි යළිත් කිරිපිටි මිල අඩු කරන බවට ඊයේ (24) ප්‍රකාශයක් සිදුකරනු ලැබීය.

ඒ අනුව කිලෝග්‍රෑම් එකක ආනයනික කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 250ත් 350ත් අතර මිලකින් සහ ග්‍රෑම් 400යේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100ත් 140ත් අතර මිලකින් අඩු කිරීමට නියමිත බව වාර්තා වුණි.