සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
අමාත්‍යවරයා පවසන්නේ එමඟින් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් ලක්ෂ 27කට ප්‍රතිලාභ සැලසෙන බවයි.
ඒ අනුව 2023 වර්ෂයට අදාළව සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කර උපයාගත් මුදල් භාවිතා කර මෙලෙස ගෙවනු ලබන පොලී අනුපාතයන් ඉහළ දැමූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

