Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල

මහජනතාවට සුබ පණිවිඩයක්! රුපියල ශ්ක්තිමත් වීමේ වාසිය ජනතාවට!

3 years ago

රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙනු ඇති බවත් විනිමය අනුපාත තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව අවබෝධ කර ගැනීම වැදගත් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රුපියල ශක්තිමත් වීම මත ණය ආපසු ගෙවීමේ බර පහත යාම මෙහිදී ඉතා වැදගත් කරුණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ .

එමගින් මිල දී ගැනීමේ ශක්තිය ඉහළ යාම, උද්දමන පීඩනය අඩු වීම සහ මූල්‍ය ස්ථායීතාව ආරක්ෂා කර ගැනීමට හැකි වීම සිදු වන බවයි.

2022 වසරේ දී නිල වශයෙන් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 360 දක්වා ඉහළ ගිය අතර එය රුපියල් 450 – 500 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝතකන ඉදිරිපත් වූ නමුත් අද වන විට එම අනුපාතය 300ක මට්ටමේ පවත්වාගෙන යාමට හැකිව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව ඉදිරියේදී ඩොලරයේ අගය පහත යාම හේතුවෙන් ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ රැසක මිල පහළ යනු ඇති බවයි වාර්තා වන්නේ.