Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පහළ බැසි ඩොලරය එක්වරම යළි ඉහළට

3 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.44ක් ලෙස සහ විකුණුම් මිල රු. 302.76 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

නමුත් පසුගිය සිකුරාදා(26) දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිල සටහන් වූයේ පිළිවෙළින් රු. 291.52ක් ලෙස සහ රු. 300.95 ක් ලෙසයි.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැණුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 292.57 – රු. 302.48
කොමර්ෂල් බැංකුවේ – රු. 291.74 – රු. 301.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 293.50 – රු. 301.50
සෙලාන් බැංකුව – රු. 291.25 – රු. 301.75
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.292.50 – රු. 304.50
එන්.ඩී.බී. (NDB) – රු. 291.50 – රු. 302.50
අමානා බැංකුව – රු. 292.25 – රු.300.75
ලංකා බැංකුව – රු. 294.25 – රු. 302.25