Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ජනපති අපේක්ෂකයාව නම් කරයි

3 years ago

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වෘත්තීය සමිති නායක ටී.බී. ඉලංගරත්න මහතාගේ ගුණසමරු උත්සවයට එක් වූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා සිටියා.

පක්ෂයේ වැඩි දෙනෙකුගේ කැමැත්ත විජයදාස රාජපක්ෂ මහතාට ඇති බවත්, තමන්ද ඔහුට පැහැදිලිවම සහයෝගය ලබාදෙන බවද මෙහිදී පැවසුවා.

“විජයදාස රාජපක්ෂ මහතාට තමයි පක්ෂයේ වැඩි දෙනෙකුගේ කැමැත්ත තියෙන්නේ.

විජයදාස මහත්මයා තමයි ඉල්ලන්නේ පැහැදිලිවම. අපි සම්පූර්ණ සහයෝගය දෙනවා” යනුවෙන් කියා සිටියා.