ලබන ජුනි මාසයේ සිට නැවත වරක් විදුලි බිල සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුලක්ෂණ ජයවර්ධන පවසයි.
ඔහු කියා සිටින්නේ ලංකා විදුලි බල මණ්ඩලය විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව මේ වන විට සකස් කරමින් සිටින බවය.
ලේකම්වරයා පෙන්වා දෙන්නේ එහි අවසන් යෝජනාවලිය එළඹෙන සතියේ මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බවය.
ලංකා විදුලි බල මණ්ඩලය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පසු ඊට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමි විය යුතු වේ.
ඉන් අනතුරුව ලබන ජුනි මාසයේ සිට විදුලි බිල සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි සුලක්ෂණ ජයවර්ධන කියා සිටියි.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය මාස තුනේ දී රුපියල් කෝටි 8,200ක ලාභයක් උපයා තිබෙනවා.
ඒ හේතුවෙන් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙසටයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කර ඇත්තේ.
එහි සහනය මහජනතාවට සහ කර්මාන්තකරුවන්ට ලබා ලෙන ලෙසට උපයෝගීතා කොමිෂන් සභාවෙන් සහ විදුලිබල මණ්ඩලයෙන් ඔවුන් ඉල්ලීමක් සිදු කර ඇති බව සඳහන්.

