ඉන්දියාවෙන් ලොකු ලූනූ ආනයනය කිරීම නිසා චීන ලොකු ලූනූ සඳහා පවතින ඉල්ලුම පහළ ගොස් ඇති බව පිටකොටුවේ තොග වෙළඳුන් පවසනවා.
පසුගිය දිනවල චීන ලොකු ලූනූ කිලොවක් රුපියල් 300කට පමණ අලෙවි කළ නමුත් මේ වන විට චීන ලොකු ලූනූ කිලෝවක් රුපියල් 100කටවත් අලෙවි කර ගත නොහැකි බවයි වෙළඳුන් පෙන්වා දෙන්නේ.
පිටකොටුව තොග වෙළඳපොළේ ඉන්දියන් ලොකු ලූනූ කිලෝවක් මේ වන විට රුපියල් 150ත් 250ත් අතර මිලකට අලෙවි කරනු ලැබේ.



