Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරය අදත් ඉහළට! ඉහළම වටිනාකම ලංකා හා අමානා බැංකුවලින්!

3 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක වටිනාකම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ගැනුම් මිල රු. 294.38ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.92 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ඊයේ (07) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 293.85ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.01 ක් ලෙස සටහන් විය.

අද දින ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් පහතින්.

මහජන බැංකුව – රු. 293.21 – රු. 303.14
කොමර්ෂල් බැංකුවේ – රු. 292.73 – රු. 303.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 294.25 – රු. 302.25
සෙලාන් බැංකුව – රු. 292.50 – රු. 302.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.292.50 – රු. 304.50
එන්.ඩී.බී. (NDB) – රු. 291.75 – රු. 302.75
අමානා බැංකුව – රු. 296.25 – රු.301.75
ලංකා බැංකුව – රු. 296.00 – රු. 304.00