ෆින්ලන්තයේ ජීවත් වෙමින් Hiruni’s Northern Life නමින් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් ෆින්ලන්තයේ පිහිටි ඇගේ නිවසේදී ඝාතනය කර තිබෙනවා.
මේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ඔවුන් බොහෝ කාලයක් එරට ජීවතව ඇති බව වාර්තා වෙනවා.
තිදරු මවක් වන ඇයව පසුගිය 24වනදා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
එදින සිද්ධියෙන් පසුව මෙම නිවසට ගිය අසල්වැසියෙකු එම නිවසේ දොර අසල විශාල ලේ පැල්ලමක් දැක තිබෙන අතර ඇය මේ සම්බන්ධව එරට ආරක්ෂක අංශ දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


