Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාව නිසා චන්දික හතර සිංහල බංගලාදේශයෙන් ඉවතට විසි වන ලකුණු

2 years ago

බංග්ලාදේශ කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට පාකිස්ථානයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් ජයගැනීමට පසුගියදා සමත් වුණා.

දෙරට අතර දෙවන ටෙස්ට් තරගය අගෝස්තු 30 වනද ආරම්භ වීමට නියමිතයි.

මේ අතර බංගලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතරුසිංහ මෙම තරගාවලියෙන් අනතුරුව එම තනතුරින් ඉවත් කිරීමට තීරණය කර ඇති බව බංගලාදේශ මාධ්‍ය වාර්තා කරනවා.

හතරුසිංහගේ කොන්ත්‍රාත්තුව 2015 වසරේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලානය තෙක් පැවතියද එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපති ෆාරුක් අහමඩ් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් සමඟද සාකච්ඡා කර මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඔහු විසින් චන්දික හතුරුසිංහට එරෙහිව 2017 වසරේදී බංගලාදේශ කණ්ඩායමේ කොන්ත්‍රාත්තුව අවසන් වීමට ප්‍රථම ඉන් ඉවත්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුර භාර ගැනීම පිළිබඳව ප්‍රධාන වශයෙන් චෝදනා නගා තිබෙනවා.