වී ගොවින් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය වැඩි කරන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව 2024/25 මහ කන්නයේ හෙක්ටයාරයක පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා ඉහළ යනු ඇති.
මෙය ඔක්තෝබර් මස පළමුවැනිදා සිට ලබාදීමට නියමිත බවයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
කාර්යක්ෂම හා ඵලදායී ලෙස එම සහනාධාරය ගොවීන් වෙත ලබාදීම සඳහා අදාළ මුදල් සෘජුවම ගොවින්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කිරීමට කටයුතු කෙරෙනවා.
මේ අතර අඩාල වී ඇති ධීවර කර්මාන්තය නඟා සිටුවා නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ද ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිිිිිබෙනවා.
ඒ අනුව බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් ලබා දීමට කටයුතු කෙරෙනවා.
මෙම සහනාධාරය ද සෘජුවම ධීවරයින්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කරනු ඇති.

