එළැඹෙන 14වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13වැනි බදාදා සිට පාසල් නිවාඩු ලබාදීමට නියමිත බව වාර්තා වනවා.
අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගැනීමට නියමිත බවයි.
ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල්, 12වැනි දින පාසල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට නියමිත අතර නැවත පාසල් ආරම්භ වෙන්නේ නොවැම්බර් 18 සඳුදා දිනයේදී ආරම්භ කිරීමට නියමිත බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.
ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බව සඳහන්.
