තම රජයේ පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඊයේ (08) සවස කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, අස්වැසුම නොලැබෙන පිරිසට නැවත අභියාචනා ඉදිරිපත් කළ හැකි බවය.
එමෙන්ම ආහාර මිල දී ගැනීමට පවා වත්කමක් නොමැති පවුල් සිටින්නේ නම්, එවැනි පිරිසට දේශපාලන මැදිහත්වීමකින් තොරව යම් දීමනාවක් කෙටි කාලයක් සඳහා ලබාදීමට තීරණය කළ බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ, පාසල් පොත් සහ පාසල් උපකරණ මිලදී ගැනීමට නොහැකි දරුවන් සඳහා දීමනාවක් ලබාදෙන බවය.
“රාජ්‍ය සේවකයින්, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වැඩවර්ජන කළා. මාස තුනක් විශ්වවිද්‍යාල වහලා තිබුණේ. එතැන කෝ හිටපු ජනාධිපතිතුමාගේ පඩි. දැන් කියනවා එතුමා. එයා වැඩි කළ වැටුප් දෙනකල් උද්ඝෝෂණය කරනවා ලු. මම හරි සතුටුයි හිටපු ජනාධිපති දකින්න පිටකොටුවේ දුම්රිය පොළ ඉස්සරහ පෝස්ටර් එකක් අතේ තියාගෙන ඉන්නවා. හොඳ නැද්ද ? එතුමා විසින් ලබාදෙන වැටුම් ලබාදෙනු. ඔය සටන් නොවැම්බර් 14න් පස්සේ මුකුත් නෑ.“
