Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සරසවි සිසුන්ට හා උසස් පෙළ සිසුන්ට අදාළව මහ මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

2 years ago

මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමේ දී රාජ්‍ය විශ්ව විද්‍යාලවල කාර්ය මණ්ඩලවලට මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ඡන්දය ප්‍රකාශ කළ හැකිවන අයුරින් නිවාඩු ලබාදීමට ක්‍රියා කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දන්වා ඇති බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව, රාජ්‍ය විශ්වවිද්‍යාල යටතට නොගැනෙන පෞද්ගලික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන විසින් ද ස්වකීය කාර්යමණ්ඩල හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට ක්‍රියා කරන ලෙසයි කොමිසම ඉල්ලා සිටින්නේ.

එමෙන්ම, 2006 මැයි 31 දිනට පෙර උපන්, වයස අවුරුදු 18 සම්පූර්ණවන තරුණ ඡන්දහිමියන්ගේ නම් ද, ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිව ඇති බැවින් අ.පො.ස. උසස් පෙළ උපකාරක පංතිවලට සහභාගීවන සිසුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා නොවන පරිදි පන්ති යොදා ගැනීමට කටයුතු කරන ලෙස සියලුම උසස් පෙළ උපකාරක පන්තිවල කළමණාකරුවන්ගෙන් හා ගුරුභවතුන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ සඳහන්.