Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අලුත් පාර්ලිමේන්තුව පළමුවරට රැස්වන දිනය නිවේදනය කරයි

2 years ago

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ 2024.09.24 දිනැති අංක 2403/13 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව නොවැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිත බව 9 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසනවා.

දසවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළැඹෙන නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබෙනවා.

එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයන් 196ක් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරයන් 29 දෙනෙක්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225ක් බවට පත්වනවා.