Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැතිවරණ රාජකාරී සඳහා සහභාගී නොවන රජයේ නිළධාරීන්ට වැඩ වරදී

2 years ago

මැතිවරණ රාජකාරිවලට පත්වීම් ලබා දී ඇති සියළුම නිලධාරින් අදාළ රාජකාරී සඳහා නියමිත දිනයට නියමිත ස්ථානවලට යායුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අද (12) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට එක්වෙමින්.

ඒ අනුව මැතිවරණ රාජකාරි සඳහා ලබා දී ඇති පත්වීම් වෙනස් කිරීම් හෝ අවලංගු කිරීම් කිසි අයුරකින් සිදු නොකළ යුතු බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම මැතිවරණ රාජකාරී සඳහා සහභාගී නොවීම දඩුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියා.