Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආන්දෝලනාත්මක පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්! ජනපති හා මාලිමාව ගැන ප්‍රශ්න 5ක්!

2 years ago

ජාතක ජනබලවේගය සහ ජනාධිපති අනුර ක-ුමාර දිසානායක මහතා සම්බන්ධ කර ගනිමින් අසන ලද ප්‍රශ්න පහක්ද ඇතුළත් කර සාදන ලද පොදු පරීක්ෂණයකට අදාල ප්‍රශ්න පත්‍රයක් සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් සමාජ මාධ්‍යයේ ඇති වී තිබුණි.

අදාල ප්‍රශ්න පත්‍රය ලබා දී තිබුනේ, කළුතර සී.ඩබ්.ඩබ්.කන්නන්ගර විද්‍යාලයෙනි.

මෙම ප්‍රශ්න පත්‍රය සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කිසිදු ආකාරයකින් මැදිහත් වී නැති බව, මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරිය පවසයි.

එම ප්‍රශ්න පත්‍රය අදාල පාසල විසින්ම සකස් කරන ලද එකක් බව නිවේදනය කරන අමාත්‍යංශය ලේකම්වරිය, කෙසේ වෙතත්, අදාල ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් අමාත්‍යංශය මට්ටමින් විධිමත් පරීක්ෂණයක් පවත්වන බවද නිවේදනය කරයි.