Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කරයි

2 years ago

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමුගන්නා බව අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

ඔහු එහිදී පැවසුවේ මහනුවර ජනතාවට තවදුරටත් තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති බවය.

මෙවර පැවති මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණෙන් තමන් මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග කළ බවත්, ඡන්ද දායකයින් මනාප 20,401ක් පමණක් ලබා දි තිබූ බවත්, ඔහු පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු අමාත්‍යවරයා,

“මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ තීන්දුවට මම හිස නමනවා. ඒ අනුව දේශපාලනයෙන් සමුගන්න තීරණය කළා. මාව දේශපාලනයට ගෙනාපු හැම කෙනාටම පෞද්ගලිකවම මම ස්තූති කරනවා.”