ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
දැනටමත් පක්ෂ විසින් නම් කර ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට සහ මහ මැතිවරණයට නාමයෝජනා බාරදී මැතිවරණයෙන් පරාජයට පත්ව පක්ෂ ලේකම් විසින් නම් කරන අයට ජාතික ලැයිස්තුව යටතේ පාර්ලිමේන්තුවට පිවිසිය හැකියි.
ජාතික ලැයිස්තුවේ නම සඳහන් නොවූ සහ පක්ෂ මැතිවරණ කොට්ඨාස නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත් නොවූ කිසිදු බාහිර පුද්ගලයෙකුට ජාතික ලැයිස්තුව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්විය නොහැකි බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ.
