නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම්කර සිටින රවී කරුණානායකගේ නිවස ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
ඔහුගේ නිවස ආසන්නයේ යම් කලබලයක් ඇතිවිය හැකි බවට ලද තොරතුරක් මත මෙලෙස දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
සන්ධානගතව තරග කළ පාර්ශ්වයන්ගේ අනුමැතියකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා නම් කළ රවී කරුණානායක මහතාගේ නම ඊයේ (18) රාත්‍රියේ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කළේය.
ඒ සම්බන්ධයෙන් ලේකම්වරිය අන්නෝමතික ක්‍රියාකර ඇති බවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම් දී තිබෙනවා.
එම පෙරමුණ නියෝජනය කරන පක්ෂ කිහිපයක්ම පවසා ඇත්තේ රවී කරුණානායක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කිරීම නිත්‍යානුකුල නොමැති බවයි.
පාර්ශ්ව රැසක් රවි කරුණානායකගේ නම පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා මතු කර ඇති බවද සඳහන්.
ඒ සම්බන්ධයෙන් විරෝධය පළකළ අසාද් සාලි කියා සිටියේ රවීගේ නිවස වටලා මෙම තීන්දුව යළි හරවා දැමීමට කටයුතු කළ යුතු බවයි.
ඒ හේතුවෙන් අද දිනයේදී යම් කලබලයක් ඇති වෙතැයි අනුමාන කර, රවී කරුණානායකගේ නිවස ඉදිරිපිට මෙලෙස දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බව වැඩිදුරටත් වාර්තා වනවා.
