නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට ජාතික ජනබල වේගය තීරණය කර ඇති බව එම පක්ෂයට සමීප දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
නමුත් මින් පෙර වාර්තා වූයේ කතානායක ධුරය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතාට ලබාදීමේ සූදානමක් පවතින බවයි.
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවකාරයෙන් අද (21) විවෘත කිරීමට නියමිතය.
