අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවත් වන වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන්ගේ වැඩිහිටි දීමනාව මේ මස සිට එම පවුල්වලට හිමි අස්වැසුම බැංකු ගිණුමට බැර කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව, අද සිට රුපියල් 3000ක් වූ වැඩිහිටි දීමනාව අදාළ පුද්ගලයින්ට එම ගිණුම්වලින් ලබාගත හැකියි.
අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල නොවන අවුරුදු 70ට වැඩි දැනටමත් එම දීමනාව ලබන ඉතිරි වැඩිහිටියන් සඳහා වැඩිහිටි දීමනාව පෙර පැවැති ක්‍රමය අනුව අඛණ්ඩව තැපැල් කාර්යාල මඟින් ලබා ගැනීමට පහසුකම් සලසා ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
මෙම යෝජනා ක්‍රමය යටතේ දැනටමත් පුද්ගලයන් 511,086ක් දෙනා ප්‍රතිලාභ ලබති.
