සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.
ධුර කාලය අවසන් වන තෙක් එම රථය යොදා ගනිමින් මහජන සේවය සිදු කළ හැකි බවයි, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ.
ඒ යටතේ සුඛෝපභෝගී වාහන ලබාදිමක් සිදු නොවන බවත් ජනතාවගේ බදු මුදල් නාස්තිය අවම කිරීම සඳහා එම පියවර ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.
කෙසේවුවද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මෙතෙක් රජයෙන් වාහන ලබාදීමක් සිදු නොකෙරුණ අතර ඔවුන්ට ඒ වෙනුවට ලැබුණු වරප්‍රසාද වූයේ වාහන ආනයන බලපත්‍රක් ලබාදීමය.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ එම වරප්‍රසාදය අහෝසි කරන බවට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ වේදිකාවේදී ජනතාවට පොරොන්දුවක් ලබාදුන්නේය.
