Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැතිසබයේ පිස්සු නැටූ වෛද්‍ය අර්චුනා ගැන කථානායකවරයා ගත් තීරණය

2 years ago

යාපනය දිස්ත්‍රික් පාලරීමේන්තු මන්ත්‍රි අඬනා රාමනාදන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අධ්‍යනය කළ බවත්, ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් කථානායක ආචායර් අශෝක රන්වල පවසනවා.

ඊයේ (24) පස්වරුවේ මහනුවර ප්‍රදේශයේ සිදුකළ සංචාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්විමින් කථානායන අශෝක රංවල මහතා මේ බව පැවසීය.

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ඔහු සමග සාකච්ඡා කිරීමට බලා⁣පොරොත්තු වන බව කථානායක අශෝක රංවල මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීම මෙන්ම ජාතිවාදය ඇති වන ආකායෙන් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් මේ වන විට ඔහු සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබේ.

කථානායකවරයා එම ධූරයට පත් වීමෙන් පසුව පළමුව අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාශර්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ආශිවද ලබා ගත්තා.

අනතුරුව කථානායකවරයා මල්වතු පාශර්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල නාහිමියන් බැහැදුටුවේ මල්වතු මහා විහාරයේදීයි.