Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉදිරි දින 3 තුළදී උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක්

2 years ago

පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. 

ඒ අනුව හෙට (27) දිනය, 28 සහ 29 යන තෙදින අ.පො.ස උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව  විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා සියලුම විභාග අපේක්ෂකයින්ට දැනුම්දෙයි.

අද (26) පස්වරුවේ විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා ඒ බව පැවසීය.  

“ඒ දින 3ට නියමිත විභාගය දෙසැම්බර් 21,22,23 කියන දිනවල අපි පවත්වන්නට කටයුතු කරනවා. එහි කාලසටහන ඉදිරියේදී ලබාදෙන්න බලාපොරොත්තුවෙනවා.