Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරුවරුන්ට සුබ ආරංචියක්! වැටුප් විෂමතා විසඳීමට ආණ්ඩුව පළමු පියවර තබයි!

2 years ago

ගුරුවරුන් වෙනුවෙන් ගුරු සභාවක් ඇති කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වන බව වාර්තා වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කළේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, වැටුප් පිළිබඳ තීරණ ගැනීම ඇතුළු අවශ්‍යතා නිර්ණය කිරීමේ බලය මෙම සභාවට පැවරීමට නියමිත බවයි.

ඉදිරි මාස දෙක තුළදී මෙය පිහිටුවීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ස්වාධීන මණ්ඩලයක් ලෙස ක්‍රියාත්මක වන මෙම සභාවේ සංයුතිය මෙතෙක් තීරණය කර නැත.

වසර ගණනක් තිස්සේ පැවැති ගුරු වැටුප් විෂමතා ගණනය කර ඉන් තුනෙන් එකක කොටසක් 2022 වසරේදී ගුරුවරුන්ට ලබාදීමට පියවර ගත් අතර ඉතිරි තුනෙන් දෙකක කොටස මෙම ගුරු සභාව පිහිටුවීමෙන් පසු ලබා දීමට නියමිත බව සඳහන්.