Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිවරයා රාජ්‍ය නිලධාරීන්ට දුන් පොරොන්දුව

2 years ago

ආපදා කළමණා කරණයේදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, බිම් මට්ටමට විසදුම් ගෙනයාමේ යාන්ත්‍රණ ඇති කිරීමට පියවර ගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළා.

ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩභාර ගැනීමේ අවස්ථාවට කොළඹදී අද එක්වෙමින්.

පළාත් පාලන ආයතන ශක්තිමත් කර අවදානම් ප්‍රදේශවල සිදුවන ආපද වළක්වාලීම සදහා නව විසදුම් ලබාදීමට ක්‍රියා කළ යුතු බවයි ජනාධිපතිවරයා එම අවස්ථාවට එක්ව සිටි නිළධාරීන්ට පෙන්වා දුන්නේ.

ආපදා කළමණා කරණ නීති පද්ධතිය සකස් කර තිබෙන්නේ කිසියම් අධ්‍යයනයකින් පසුව බවත්, එම නීති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම නිළධාරීන්ගේ වගකීමක් බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම නීතිමය රාමුව තුළ වැඩ කිරීමේදී යම් කිසි පීඩාවකට රාජ්‍ය නිලධාරියා පත්වුවහොත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවට ජනාධිපතිවරයා එහිදී සහතිකයක්ද ලබා දුන්නා.