ඉන්ධන මිල සංශෝධනය වුවද බස්රථ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
ඒ, අනුව පෞද්ගලික බස්රථ ගාස්තු වල කිසිදු සංශෝධනයක් සිදු නොවන බවයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගෙ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.
එමෙන්ම සමස්ත ලංකා ත්රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේන පවසන්නේ පෙට්රල් මිල පහල දැමූ අගය ත්රීරෝද රථ ගාස්තු අඩු කිරීමට ප්රමාණවත් නොවන බවයි.
