Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලිට්‍රෝ හා ලාෆ් ගෑස් මාසික මිල සංශෝධනය අද?

2 years ago

මාසික ගෑස් මිල සංශෝධනය අද(02) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

ඔහු පැවසුවේ, දෙසැම්බර් මාසයට අදාල මිළ සංශෝධනය අද දිනයේ ප්‍රකාශයට පත්කරන බවයි.

කෙසේ වෙතත් පසුගිය මාසයේ ගෑස් මිල සංශෝධනයක් වූයේ නැහැ.

අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් වූයේ ඔක්තොම්බර් මාසයේදී ය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 3690කි.

මේ අතර ලාෆ් සමාගමද අද දිනයේ මිල සංශෝධනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.