Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්! පාසල් සංවර්ධන නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට! පොලිස් නිලධාරීන්ටත් තුවාල!

2 years ago

පාසල් සදහා අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරින් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට සිදුකළ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වනවිට කටයුතු කර තිබේ.

එම අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

එසේ විරෝධතාවයේ නිරත වූ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී පොලිසි නිලධාරීන් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

වසර 04 ක් තිස්සේ පාසල්වල ඉගැන්වීම් සිදුකරන බැවින් ගුරු සේවයට බදවා ගන්නැයි ඉල්ලමිනුයි ඔවුන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට විරෝධතාවයේ නිරත වන්නේ.

බත්තරමුල්ලේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පාගමනින් පැමිණි විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණි.