ජාතික පොලිස් කොමිෂන් සභාව වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී අත්තේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් පිරිසකට ද නව වගකීම් පවරමිනි.
දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී අත්තේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් පිරිසකට ද නව වගකීම් පවරමිනි.
එසේ ස්ථාන මාරුවිම් ලැබු පොලිස් ජ්‍යෙෂ්ඨයන් අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකු සිටින අතර ඊට අමතරව පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු ඇතුළත් වේ.
මෙම ස්ථාන මාරුවේදී ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ (CID) අධ්යක්ෂ ධුරයට පත් කර තිබීම සුවිශේෂි සිදුවීමකි.
එසේ අධ්‍යක්ෂවරිය ලෙස පත් කර ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ධුරයේ කටයුතු කළ පළමු නිලධාරිනිය වු කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉමේෂා මුතුමාල යි.
ඇය රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී සහ විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිනියක් ද වේ.
එමෙන්ම ඇය මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියකි.
