Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිසුන් පිරිසක් රැගත් ඔරුවක් පෙරළෙයි! අයෙකු මරුට!

2 years ago

සෙල්ලකතරගම, අක්කරවිස්ස වැවේ ළමුන් 5 දෙනෙකු ගමන් ගත් ඔරුවක් පෙරළීමෙන් අනතුරකට ලක්ව තිබෙනවා.

එහිදී සිදුවූ අනතුරින් එම ඔරුවේ ගමන් ගත් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, මියගිය තරුණයාගේ මළ සිරුර මේ වනවිට කතරගම දිසා රෝහලේ තැන්පත් කර ඇත.

මෙවර උසස් පෙළ හදාරා ඇති ළමුන් පස්දෙනෙකු මෙම ඔරුවේ ගමන් කර ඇති අතර ඔරුව පෙරළීමෙන් පසු ගම්වාසීන් විසින් වහා මැදිහත්ව ඔවුන් බේරා ගැනීමට කටයුතු කර තිබුණි.