ගුරුවරුන්ට සහ රාජ්‍ය සේවකයන්ට දේශීයව නිෂ්පාදනය කළ එක් ඇඳුමක් හෝ ලබාදීමට යෝජනා ඉදිරිපත් වී ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බැලීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළා.
එය රජයේ ප්‍රතිපාදන හරහා සිදු කිරීමට යෝජනා වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අත් යන්ත්‍ර පේෂකර්මාන්තය ප්‍රවර්ධනය හා සංවර්ධනය කරමින් ශිල්පීන්ගේ ජීවන තත්වය නගා සිටුවීමේ අරමුණ පෙරදැරි කරගනිමින් පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව වාර්ශිකව සංවිධානය කරන “රන්සළු” ජාතික අත්යන්ත්‍ර පේෂකර්ම ප්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
