ජනාධිපති අනුර දිසානායක මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවේදී එකඟ වූ පරිදි සහල් මිල පවත්වාගෙන යාමට සියලු සහල් මෝල් හිමියන් එක වූ වූ බව අරලිය සහල් ව්‍යාපාරය අධිපති ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.
ඒ අනුව එළඹෙන කන්නයේ අස්වැන්න ලැබෙන තෙක් එම මට්ටමේම සහල් මිල පවත්වාගෙන යාමට යාමට කටයුතු කරන බවත් ඊට වඩා වැඩි මිලකට සහල් මිලට නොගන්නා ලෙස වෙළදුන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.
ජනාධිපතිවරයා සමඟ පවති හමුවේදී එකඟ වූ ආකාරයට වෙළඳ මහතුන්ටද සහල් කිලෝවකින් රුපියල් 5 වට්ටමක් ලැබෙන බවත් ඒ අනුව අද දිනයේ සිට සහල්වල මිල ප්‍රදර්ශනය කිරීම සිදු කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.
මෙම ක්රියාමාර්ගයෙන්ද සහල් මිල පාලනය කළ නොහැකි නම් ත්‍රිවිධ හමුදාව යොදවන ලෙසද තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.
මේ අතර සහල් තොග පිළිබඳව වාර්තා ලබා ගැනීමේ අරමුණින් පොලොන්නරුව ප්‍රදේශයෙ සහල් මෝල් අද දිනයේ විශේෂ පරීක්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
