Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආචාර්ය උපාධිය ගැන කථානායකවරයා ප්‍රතිචාර දක්වයි

2 years ago

කථානායක අසෝක රංවල මහතාට ඇති බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් සමාජය තුළ මතභේදාත්මක කතාබහක් නිර්මාණය වී තිබේ.

විපක්ෂයේ පාර්ශ්ව පෙන්වා දෙන්නේ කථානායකවරයා තමාට සැබෑ ලෙසම ආචාර්ය උපාධියක් ඇත්දැයි තහවුරු කර පෙන්විය යුතු අතර රජය මෙම සමාජ සැකය දුරු කළ යුතු බවය.

කථානායක අසෝක රංවල මහතා මහ මැතිවරණයට තරගකිරීමටත් පෙර සිටම ඔහු පිළිබඳ කෙරෙන හැඳින්වීම්වලදී ආචාර්ය යන පදවිය භාවිත කර තිබුණි.

දසවැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ඔහුව හඳුන්වාදුන්නේ ආචාර්ය අසෝක සපුමල් රන්වල ලෙසින් වන අතර, පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියද ඔහු ආචාර්ය අසෝක සපුමල් රන්වල ලෙස හඳුන්වා දී තිබුණා.

කෙසේ නමුත්, කථානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය යටතේ එම ආචාර්ය යන උපාධි ගෞරව නාමය එම වෙබ් අඩවියෙන්ද ඉවත් කර ඇති බව දක්නට ලැබෙනවා.

මේ පිළිබඳව කථානායක අසෝක රංවල මහතා ප්‍රමුඛ පෙළේ රූපවාහිනී නාලිකා දෙකකට ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කර තිබුණේ තමා නිසි අවස්ථාවේ මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වන බවය.