Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

2 years ago

නව පාසල් වාරය ආරම්භයට පෙර සිසුන් අතට පාසල් නිල ඇඳුම් ලබාදීමට උපදෙස් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, එම නිල ඇඳුම් කටට්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත යොමු කරන බවයි.

ඒ අනුව නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 27 වැනි දාට පෙර සිසුන් අතට නිල ඇඳුම් රෙදි ලබා දීමට කටයුතු කරන බවද ඔහු පවසා තිබෙනවා.

චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි පසුගියදා (10) නිල වශයෙන් මෙරටට ලබා දුන්නා.

2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය රෙදි මීටර මිලියන 11,817 ක් වන අතර පාසල් නිල ඇඳුම් දීමට නියමිත සිසුන් ගණන 4,640,086 ක්.

ඒ අනුව 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් මුළු අවශ්‍යතාවය ප්‍රදානයක් ලෙස මහජන චීනය පරිත්‍යාග කළා

නෞකා වර තුනකින් අදාල රෙදි ප්‍රමාණය මෙරටට ලැබෙන අතර පළමු සහ දෙවැනි නෞකා වාර මේ වන විටත් ශ්‍රී ලංකාවට ළගා වී තිබේ.